Pigeonhole Principle
පරවියන්
රඳවා තබනු ලබන කුඩා කුටි Pigeonholes ලෙස
හඳුන්වයි.අපි n පරවියන් ප්‍රමාණයක් m Pigeonholes ප්‍රමාණයකට දමන්නේනම් n > m
වෙයිනම් අඩු තරමින් එක Pigeonhole
එකක හෝ පරවියන් එකකට වැඩියෙන් රැදී සිටිය යුතුය. මෙය Pigeonhole principle
ලෙස හැඳින්වෙයි.
මෙය
සම්භාවිතා මූලධර්ම ඇසුරෙන් මෙලෙස පැහැදිලි කරගතහැකිය. n පරවියන් ප්‍රමාණයක් අහඹු
ලෙස m Pigeonholes ප්‍රමාණයකට 1/m යන ඒකාකාර සම්භාවිතාවකින් යුතුව දමන්නේ නම් එක Pigeonhole එකක හෝ පරවියන් එකකට වඩා රඳවා තබාගැනීමේ
සම්භාවිතාව
1 – ( mn/mn) වෙයි.
මෙහි mn = mCn වෙයි.
මෙලෙස
එක Pigeonhole එකකට පරවියන් එකකට වඩා යොමුවීමක් collision එකක් ලෙස හඳුන්වයි. මෙමෙ මූලධර්මය අපි hash tables වලටද යෝදාගන්නෙමු.පහත උදාහරණයෙන්
පැහැදිලිකරගනිමු.
- What is the probability that no two hash keys collide(එකම storage location එකකට hash keys දෙකක් යොමුවීම.)?
මෙහිදී
අසනු ලබන්නේ keys දෙකක් එකම slot එකකට යොමු නොවීමේ සම්භාවීතාවයි.
h(k) = k mod 5
slots 5ක් ඇති table එකක් සලකමු.
- පළමු item එක දැමීමේදී slot 5ම හිස් නිසා collide වීමක් සිදු නොවේ.එම නිසා collide නොවීමේ සම්භාවිතාව = 5/5 = 1 වෙයි.
- දෙවන item එක දැමීමේදී හිස්ව ඇත්තේ slot 4ක් පමණි.එම නිසා collide වීමේ සම්භාවිතාව 1/5 කි.
- එමනිසා collide නොවීමේ සම්භාවිතාව = 4/5 ක් වෙයි.
- 3 වන item එක දැමීමේදී collide නොවීමේ සම්භාවිතාව = 3/5
- 4වන item එක දැමීමේදී collide නොවීමේ සම්භාවිතාව = 2/5
- 5 වන item එක දැමීමේදී collide නොවීමේ සම්භාවිතාව = 1/5
= 0.0384
එමනිසා
keys 5ක් add කිරීමේදී එක collision
එකක්
හෝ
ඇති වීමේ සම්භාවිතාව = 1- P5 = 1- 0.0384 = 0.9616
Collisions
hashing වලදී මෙම collision ඇති කිරීම මගින් keys ප්‍රමාණයට වඩා slots
අඩුවෙන් ඇති table එකක වුවද අපිට සියලුම keys store කරගතහැකිය. එමගින් අවශ්‍යකරන
memory space එක අඩුකරගතහැකිය. යම්කිසි hash table එකක ඇතිවන collisions ප්‍රමාණය අවම වෙයිනම් hash table එක හොඳින් ක්‍රියා
කරන්නේයැයි කියනු ලැබේ.එමගින් O(1) search time එකක් ලබාගතහැකිය.මෙහි worste case එක O(n) විය හැකිය.එය දුර්වල hash table එකක් ලෙස
හඳුන්වයි.එමෙන්ම මෙම collisions
විසඳා
ගැනීමටද අප ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කරයි.
Handling the Collisions
i.Open
Addressing
ii.Chaining
iii.Bucket
Addressing
No comments:
Post a Comment