Saturday 1 March 2014

(#2)First python programme

කලින් කොටසේදී python IDLE එක install කරගන්නා ආකාරය කියාදුන් නිසා.අපි එම IDLE එක භාවිතයෙන් programme ලිවීමට හුරුවෙමු.ප්‍රථමයෙන් install කරගත් python IDLE එක open කරගන්න.එය පහත ලෙස දිස්වනු ඇත.

මෙහි දැක්වෙන කොටස shell එක ලෙස හඳුන්වන අතර , මෙහි දැක්වෙන >>> ඉදිරියෙන් coding type කර කෙලින්ම execute කර හැකි අතර.වෙන වෙනම කරන ලද codings python files වශයෙන් save කරගැනීම සඳහා File > NewFile (Ctrl+N) මගින් අලුත් files open කරගතහැකිය.

shell එක තුළ code එකක් type කර enter එක press කරවිට එය execute වන අතර file එකක කරයි නම් එම file එක .py යන extention එකෙන් save කළ යුතුය. (test.py) ඉන් පසු run click කර execute කරගත යුතුය.

syntax හුරුවීම සඳහා type කර execute කර බැලීමට shell එක යෝග්‍ය වන අතර ,programme එකක් code කිරීමේදී new file එකක් ගෙන file වශයෙන් code කිරීම සුදුසු වෙයි.

අපි සරළ උදාහරණයක් ගනිමු.ඔබගේ නම python shell එක තුළ display කරගැනීම සඳහා programme එකක් ලියමු.

මෙහිදී print "" යන්න භාවිතා කරයි. ඔබට display කරගැනීමට අවශ්‍ය වචනය double quotation ("") තුළ type කර enter කරන්න. ඉලක්කමක් display කරගැනීමට අවශ්‍යනම් double quotations අවශ්‍ය නොවේ.
eg-
                                                      print "your name"
                                                      print 5




No comments:

Post a Comment