Thursday 15 January 2015

Pen drive එකේ size එක අඩුවෙන් පෙන්නනවද? 1.48Mb වගේ? හදාගන්නේ මෙහෙමයි.

සමහර වෙලාවට Pen drive එකේ size එක ගොඩාක් අඩුවෙන් windows වල පෙන්නන්න පුළුවන් . 8Gb , 16Gb වගේ Pen drive එකක් 12Mb වගේ පොඩි ගානක් විදියට පෙන්නන්න පුළුවන් . මෙහෙම උනාම අපිට Pen drive එකෙන් කිසිම වැඩක් ගන්න බැරුව යනවා. එහෙම වෙන්නේ Pen drive එක format කරන්න යනකොට හරි වෙන මොකක් හරි වැඩක් නිසා හරි Pen drive එකේ capacity එක unallocated space එකක් බවට පත්වීම නිසයි. නමුත් අපිට මෙය යතාතත්වයට පත් කරගන්න පුළුවන්. එක කරන්නේ මෙහෙමයි.

1) ඉස්සෙල්ලම මෙන්න මේ link එකට ගිහින් මේ software එක download කරගන්න. මේ ලින්ක් එකේ මුල් link දෙක තුනක් දැනට වැඩ කරන්නේ නැහැ නමුත් පහල තියන link වැඩ කරනවා.
   http://bootice.narod.ru/

2) දැන් මේ software එක install කරලා run කරන්න.

3) දැන් පහත රූපයේ පෙනෙන විදියට එතන තියන dropdown menu එකෙන් ඔයාට reset කරගන්න අවශ්‍ය pen drive එක select කරගන්න.



4) දැන් පහල menu එකේ තියන  Parts Manage කියන button එක  click කරන්න.


5) දැන් ලැබෙන window එකේ තියන Reformat USB Disk කියන  button එක  click කරන්න.



6) ඊලගට ලැබෙන window එකේ තුන්වෙනි option එක select කරලා ඕනනම් පහල තියන dropdown menu එකෙන් file format එකත් change කරලා OK කරන්න.


7) දැන් පොඩි warning message එකක් එනවා . එකත් OK කරන්න.



8) Pen drive එක හරියට format උනාම confirmation message එකක් ලැබෙයි. දැන් ඔයාගේ පෙන් එකේ size එක check කරලා බලන්න කලින් තිබුණු නිවැරදි අගයම පෙන්නනවා ඇති.