Saturday 28 November 2015

Google Code-In

Google Code -In යනු කුමක්ද?




                             තොරතුරු තාක්ෂණ  ක්ෂේත්‍රය යනු නිරන්තරයෙන්ම අලුත් නිර්මාණ , ක්‍රියාකාරකම් , තරග ආදී නොයෙකුත් සිත් ඇදගන්නාසුළු දේවල් වලින් සමන්විත වූවක්. ඔබ අප කව්රුත් දන්නා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ලෝකප්‍රසිද්ද Google සමාගම විසින් පරිගණක විද්‍යාව ,තොරතුරු තාක්ෂය වැනි විෂයන් ඉගෙනීමට ඇලුම්කම් දක්වන්නන්  වෙනුවෙන් වාර්ෂිකව වැඩසටහන් බොහෝමයක් ක්‍රියාවට නංවයි. ඒ අතරින් පාසල් සිසුන් සදහා වෙන් වූ වැදගත් වැඩසටහනක් ලෙස   Code In හදුන්වාදිය හැකියි. Google  Code In යනු Google සමාගම මගින් වයස 13 හා 17 අතර පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ලබන අන්තර්ජාතික තරඟාවලියකි. පාසල් සිසුන් පරිගණක ක්‍රමලේඛනය ට(Programming) හා විවෘත කේත මෘදුකාංග*(Open Source) නිර්මාණ ශිල්පයට යොමු කරවනු සඳහා මෙය පවත්වනු ලබන අතර මේ මගින් සහභාගී වන සිසුන්ට දැනුම, අත්දැකීම් මෙන්ම වටිනා ත්‍යාග රාශියක්ද ලබා ගැනීමට හැකි වෙනු ඇත. Google ආයතනය මගින් තෝරාගන්නා ලද විවෘත කේත මෘදුකාංග නිර්මාණය කරන ආයතන 14 මෙවර මෙම තරඟයට සහභාගී වන අතර එම ආයතන මගින් සිසුන්ට ලබා දෙන විවිද කාර්යය ඉටුකිරීම මගින් සිසුන්ට ලකුණු රැස් කිරීමට සිදුවේ. මෙම කාර්යයන් ක්‍රමලේඛනය, බ්ලොග්(Blog) ලිවිම, අතුරු මුහුණත් නිර්මාණය(UI designing) කිරීම වැනි විවිද ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සැදුම් ලැබී ඇති නිසා ක්‍රමලේඛනය ආදුනික සිසුන්ට පවා සහභාගී වීමට හැකියාව ඇත. සිසුන් සපුරාලන කාර්යය(tasks) ප්‍රමාණය අනුව විවිද ත්‍යාග ලැබෙන අතර එක් කාර්යයක් හෝ සම්පුර්ණ කරන සිසුවන්ට පවා Google ආයතනය මගින් සහතික පත්‍රයක් ලැබෙනු ඇත.

තරග විස්තර 





දිනය : December 7, 2015 - January 25, 2016

ත්‍යාග :

  • 1 task = Digital Certificate of completion
  • 3 tasks = Google t-shirt and a digital certificate
  • 5 Finalists from each org = hooded sweatshirt, t-shirt, digital certificate

ඉහලම දක්ෂකම් දක්වන සිසුන් 28 දෙනෙකුට ඇමෙරිකාවේ ඇති Google ආයතනයේ ප්‍රධාන කාර්යාලයට චාරිකාවක් යාමට ලැබෙන අතර සියලුම වියදම් Google ආයතනය විසින්ම දරනු ලබයි.

වැඩි විස්තර සඳහා  Google Code-In SriLanka ෆේස්බුක් ගෘපය හා සම්බන්ධවන්න.

තරගය පිළිබඳව වැඩිදුර විස්තර ,  මගපෙන්වීම් හා අධ්‍යාපනික සම්පත් පහත ලින්කු වලින් ලබාගත් හැකිය.





ඔබත් වයස  13 - 17 අතරනම් පමා නොවී අදම තරගයට ඇතුළත් වන්න. මේ  පිළිබඳව  ඔබේ සොහොයුරා හෝ සොහොයුරිය අදම දැනුවත් කරන්න . ලෝක  තොරතුරු තාක්ෂණ  ක්ෂේත්‍රයට  ඔබේ නමත් පහසුවෙන් ඇතුළත්  කරගතහැකි මේ මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.